• විශ්වසනීය සේවාවන්!
  • නියෝජිතයෙකු අමතන්න : 037-2225340

අධිකාරියේ අරමුණු හා කාර්යයන්

අධිකාරියේ අරමුණු හා කාර්යයන්

අධිකාරියේ අරමුණු හා කාර්යයන්

  • වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුළ දැනට පවත්නා හා අනාගතය සඳහා ප්‍රක්ෂේපිත මිනිස් බල අවශ්‍යතා හදුනාගැනීම හා එම අවශ්‍යතායට අනුකුලව මානව සම්පත් සංවර්ධනය සඳහා සැලසුම් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • පළාතේ මානව සම්පත් සංවර්ධන සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • පළාතේ පවත්නා සම්පත් තුළින් උපරිම ඵලදායිතාවයක් ලබාගත හැකිවන පරිදි කුඩා හා මධ්‍ය පරිමාණයේ   ව්‍යවසායන් ඇරඹීම මගින් විභවතාව ඇති තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • පළාතේ සම්පත්වලට හා ආර්ථිකයට ගැළපෙන පරිදි ස්වයං රැකියා ලෙස පවත්වාගෙන යා හැකි සුලු ව්‍යාපාර සැලසුම් කර ඒ සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය පුහුණුව හා ඔවුන් එම ව්‍යාපාරයන්හි යෙදීමට අවශ්‍ය අරමුදල් සපායාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • පළාත තුළ දැනට විවිධ ව්‍යාපාරයන්හි යෙදී සිටින, ස්වකීය ව්‍යාපාරයන් වැඩි දියුණු කර ගැනීම සඳහා ව්‍යවසායකත්ව පුහුණුවක් අපේක්ෂා කරන්නන් සඳහා උචිත ව්‍යවසායකත්ව පුහුනු වැඩ සටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
  • වසරක් පාසා විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් විවිධ අවස්ථාවන්හිදී ගිලිහී යන පළාතේ තරුණ පිරිස ජීවන මාර්ග සඳහා යොමු කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික හා විවිධ වෘත්තීය ආයතනයන්ගේ ද සහය ඇතිව වෘත්තීය පාඨමාලා සැලසුම් කිරීම හා පවත්වාගෙන යාම.
  • පළාතේ වාණීජ, කාර්මික හා රජයේ ආයතනයන් හි කාර්යක්ෂමතාව, ඵලදායිතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත්, නාස්තිය වැලැක්විමත් සඳහා අවශ්‍ය කළමනාකරණ උපදේශක සේවාවක් සැපයීම.
  • වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුළ මානව සම්පත් සංවර්ධනයේ නියුතු සියඵම ආයතන සමග සහායෝගිතාවයෙන් ප්‍රදේශයේ කඩිනම් සංවර්ධනයට ඉවහල් වන පාඨමාලා සංවර්ධන කිරීම, ප්‍රමිතිය නියම කිරීම හා ඒවා හදාරන්නන් සඳහා පොදු ඇගයීම් පිළිවෙත් නියම කිරීම.
  • පළාතේ නිෂ්පාදන තර්තව්‍යයන් සඳහා යොමු කරන අභ්‍යාසලාභීන් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩවලට දේශීය හා විදේශීය වෙළදපොල පහසුකම් සලසාලීමට අවශ්‍ය අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • අධිකාරියට සමාන අරමුණු ඇති වෙනත් දේශීය හා විදේශීය ආයතන සමග සහයෝගීතාවය පැවැත්වීම මගින් අධිකාරිය විසින් පිරිනමනු ලබන සහතික හා ඩිප්ලෝමාවන් එකී ආයතන මගින් පිරිනමනු ලබන සුදුසුකම්වලට සමාන හා වලංගු ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • පළාතේ රාජ්‍ය හා රාජ්‍ය නොවන පුහුණු ආයතනවල පුහුණු ධාරිතාවය, ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් හා ආධාර ලබාදීම.