කළමනාකරණ නියයෝග

මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණ නියයෝග ක්‍රියාත්මක කිරීම.

1780/4 දරණ 2012.10.15 දින නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් නිවේදනය යටයත්,

  • ආයතන ලියාපදිංචිය.
  • ආයතන අධීක්ෂණය.
  • ආයතන නියාමනය..
  • වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබයි.

1905/6 දරණ 2015.03.09 දන නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් නිවේදනය යටශත්,

  • කිසිම තැනැත්තෙකු ඉරිදා දනයන්හි ශප.ව 6.00 සිට ප.ව.1.30 දක්වා කාලය තුල 1 ශරේණිය සිට 11 ශ්‍රේණිය දක්වා (අපො.ස සාමානය පෙළ දක්වා ) වන පාසල් සිසුන් සදහා උපකාරක පැවත් වීම නොකළ යුතුයි.

මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය පිළිබද නියයෝග ක්‍රියාත්මක කිරීම.

අරමුණු :-

    1. වයඹ පළාත් මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණයේ යෙදෙන ආයතන හදුනා ගැනීම,ලියාපදිංචිය,සහතිකපත් නිකුත් කිරීම,ප්‍රමිතිකරණය හා නියාමනය.
    2. හෙට දවසේ සමාජ ගත වන දුවා දරුවන්හශේ විෂයානුබද්ධ අධ්‍යාපනය හා අධ්‍යාත්මික සංවර්ධනය ඉහල දැමීම.
    3. පුහුණුවන්නන්,ඉගෙනුම ලබන්නන්,සේවකයන් හෝ ප්‍රතිලාභීන් සදහා අවම පහසුකම් සපයනු නොලබන ආයතන හදුනා ගැනීම සහ අදාළ ආයතන විධිමත් කිරීමට සානුබල සැපයීම.
    4. මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණශේ යෙදෙන ආයතන වල යහපත් වැඩ පරිසරයක් ගොඩ නැගීම සහ උපදේශන සේවා සමග මුල්‍ය සහ වෙනත් අවශ්‍ය යැයි සැලකෙන පහසුකම් සැපයීම.
    5. මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණයේ යෙදෙන ආයතන වල සම්පත් දායකයින්හශේ,ගුරුවරුන්හශේ සහ පහසුකම් සපයන්නන්ගේ අධ්‍යාපන හා වෘත්ීය සුදුසුකම් හදුනා ගැනීම.
    6. සමාජ සංවර්ධනය සදහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීමට හැකි වන පරිදි මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණයේ යෙදෙන ආයතන වල ආයතනික ක්‍රියාවලින් ශක්තිමත් කිරීම.

මානව සම්පත් සංවර්ධනයේ යෙදෙන ආයතන ලියාපදිංචිය කිරීම.

  • නෛතික රාමුව :-
        1. මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රඥප්තතිශේ 18-2(ඇ) වගන්තිය යටතේ …..
        2. ඇති විශේෂ ගැසට් නිකුත් කිරීම (1780/4)

    ආයතනය

    වයඹ පළාත් මානව සම්පත් සංවර්ධනයට අදාළ වන කටයුත්තක් සිදු කරනු ලබන ශිෂ්‍යයින් 10කට වැඩි සංඛ්‍යාවක් සිටින ආයතනයක් අදහසේ කෙරේ.

    ලියාපදිංචි විය යුතු ආයතන

    01. පාසල් සිසුන් සඳහා උපකාරක පන්ති පවත්වනු ලබන ආයතන (පළමු වසරේ සිට 13 වසර දක්වා )
    02. ඩිප්ලෝම හෝ උපාධි සහතික ලබාදීම සඳහා උපකාරක පන්හති පවත්වනු ලබන ආයතන
    03. තරඟ විභාග කේන්ද්‍ර කරගෙන උපකාරක පන්ති පවත්වනු ලබන ආයතන
    04. පරිගණක /තොරතුරුතාක්ෂණය පුහුණු ආයතන
    05. භාෂා පුහුණු ආයතන
    06. මැහුම් පුහුණු ආයතන
    07. රුපලාවනය පුහුණු ආයතන
    08. සංගීත පුහුණු ආයතන
    09. නැටුම් හා නාට්‍ය කලාව පුහුණු ආයතන
    10. හොටෙල් කර්මාන්තයට අදාල පුහුණු ආයතන
    11. මොරර් රථ යාන්ත්‍රික විද්‍යාව පුහුණු ආයතන
    12. හෙදි/හෙද පුහුණු ආයතන
    13. රිය පැදීම පුහුණු ආයතන
    14.යන්ත්‍ර සුත්‍ර පුහුණු ආයතන
    15. කරාටේ/කුංෆු සහ ශාරීරික සුවතා පුහුණු ආයතන
    16. කේක් සහ ආහාර සැකසීම පුහුණු ආයතන
    17. සිවිල් ඉංජිනේරු සේවා සම්බන්ද පුහුණු ආයතන
    18. අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදන මගින් වරින්වර ප්‍රකාශයට පත්කරනු ලැබීය හැකි වෙනත් ආයතන

  • ආයතන ලියාපදිංචි කිරීයම් ගාසේතු සහ වාර් ෂික බලපත්‍ර ගාස්තු

      • ➢ ශිෂ්‍ය සංඛ්‍යාව 11-50 දක්වා සිටින ආයතන             රු. 2,000.00
      • ➢ ශිෂ්‍ය සංඛ්‍යාව 51-100 දක්වා සිටින ආයතන          රු. 3,000.00
      • ➢ ශිෂ්‍ය සංඛ්‍යාව 101 වැඩි ආයතන                            රු.5,000.00
      • ➢ වාර්ෂික බලපත්‍ර ගාස්තුව (සියලුම ආයතන සදහා)  රු.1,000.00

    ආයතන අධීක්ෂණය කිරීම.

      • ➢යම් ආයතනයක් පරීක්ෂා කිරීමට හෝ යම් ආයතනයක් පිළිබද තොරතුරු ලබා ගැනීමට හෝ මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට හෝ සභාපතිවරයා විසින් බලය පවරන ලද නිලධාරියකුට බලය ඇත.
      • ➢මානව සම්පත් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට හෝ සභාපතිවරයා විසින් බලය පවරන ලද නිලධාරියකුට තම සහයක නිලධාරින්ද සමග ආයතනය ක්‍රියාත්මක වේලාවන් තුලදී ආයතනය තුලට  ඇතුල් වීමටත් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටත් බලතල ඇත.
      • ➢ අවශ්‍ය තොරතුරු ලබාදීම හා අවශ්‍ය විය හැකි අනෙකුට සහයෝගයන් ලබාදීම ආයතනයේ පාලක පක්ෂශේ /කළමණාකරුගේ වගකීම විය යුතුය.
      • ➢ සභාපතිවරයා විසින් වයඹ මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය පිළිබද නියෝග සන්බන්ධයෙන් වූ ස්වකිය බලතල,අවශ්‍යතාව පරිදී සාමාන්‍යාධිකාරීවරයා වෙත පවරා දිය හැකිය

    ආයතනයක් ලියාපදිංචි වී වසරක් ගතවු පසු එම ආයතන සදහා බලපත්‍රයක් නිකුත් කරනු ලබයි.

        • අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති යටිතල පහසුකම් සැලසීම පිළිබඳ ප්‍රතිමාන
        • 1986 මාර්තු 10 වැනි දින නිකුත් කර ඇති අංක 392/09 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ එයට අදාලව වරින්වර නිකුත් කරනු ලබන සංශෝධනයන් ප්‍රකාරව සම්මත තත්ත්වයන් නිර් ණය කරනු ඇත.
        • 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරියේ පනත හා එයට අදාල සංශෝධන
        • 1.ඉඩ පහසුකම්.
        • 2.ජල පහසුකම්.
        • 3.වැසිකිලි,කැසිකිලි පහසුකම්.
        • 4.ආලෝකය හා පිරිසිදු වාතය ලැබීමේ පහසුකම්..
        • 5.විවේක ගැනීම සඳහා ඉඩකඩ.
        • 6.පුහුණුවීම් /ඉගැන්වීම සඳහා අවශ්‍ය උපකරණ පහසුකම්..
        • 7.ප්‍රථමාධාර ලබාදීම සඳහා අවශ්‍ය මූලික උපකරණ හා ඖෂධ අඩංගු ප්‍රථමාධාර පෙට්ටියක්.
        • 8.හදිසි තත්ත්වයක් (ගින්නක් ,ජල ගැලීම් හෝ වෙනත් පීඩාකාරී පරිසර තත්වයන්) සම්බන්දව ආරක්ෂක පියවර ගෙන තිබීම..

    කොන්දේසි

      1. මෙම බලපත්‍රයේ වලංගු කාලය නිකුත් කළ දින සිට එක් වසරක් පමණි.
      2. මෙම බලපත්‍රය මගින් ආවරණය වන ආයතනයට ආයතනයේ ක්‍රියාකාරී කාළය තුල දී මානව සම්පත් සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ඇති නිලධාරීන්හට ඇතුලත්වීමට, පරීක්ෂා කිරීමට , අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට බලතල ඇත්තේය.
      3. බලපත්‍රය අවලංගු වන දිනට මසකට පෙර බලපත්‍රයේ වලංගු කාලය දිගු කිරීම සඳහා නියමිත ආකෘතියේ අයදුම්පතක් අධිකාරියට ඉදරිපත් කළ යුතුය.

     

    මානව සම්පත් සංවර්ධන කාර් යයේ යෙදෙන ආයතන බලපත්‍රයක් අලුත් කිරිම සඳහා ඉල්ලලුම්පත්‍රය.

      • 01. ආයතනයේ නම :
      • 02. ආයතනයේ ලිපිනය:
      • 03. ඉල්ලුම්කරුගේ නම:
      • 04. ඉල්ලුම්කරුගේ ලිපිනය:
      • 05. ලියාපදිංචි අංකය :
      • 06. ලියාපදිංචි කළ දිනය :
      • 07. බලපත්‍ර අංකය :

    මෙන ආයතනය සඳහා නිකුත් කර ඇති බලපත්‍රයේ වලිංගු කාලය එක් වර්ෂයකින් දීර්ඝ කරන මෙන් ඉල්ලමි.ඒ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව වශයෙන් රු. …………………. ක් මේ සමග භාරදෙමී..

    අත්සන ……………………………….
    දිනය . ……………………………….

    බලපත්‍ර අවලංගු කිරීම.

    යම් ආයතනයක් විසින් බලපත්‍රය සදහා කොන්දේසි කඩකර ඇති බව සභාපතිවරයාගේ මතය වන විට බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් සති තුනක් ඇතුලත දන්වන ලෙස බලපත්‍රධාරීයාට ලියාපදිංචි තැපෑලෙන් දැන්වීමක් යැවිය යුතුය.

    සති තුනක් ඇතුලත එම ලිපියට පිළිතුරක් එවනු නොලැබුන හොත් එවනු ලැබූ පිළිතුර සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි වූ විට බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට සභාපතිවරයාට බලය ඇත්තේය.

    අභියාචනා

    21.බලපත්‍රයක් ප්‍රධානය කිරීම අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හෝ බලපත්‍රයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් හෝ බලපත්‍රයක් අලුත්කිරිම සම්බන්ධයෙන් හෝ අතෘප්තියට පත් තැනැත්තෙකුට අමාතයවරයාට අභියාචනයක් ඉදරිපත් කළ යුතුය.

    22.එබඳු අභියාචනයක් සම්බන්ධයෙන් අමාතයවරයා විසින් උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකුට නොවැඩි මණ්ඩලයක් මගින් පරීක්ෂණයක් පවත්වා ලබාගන්නා නිර්දේශයන් මත තීරණයක් දිය යුතුය.

    23.තමාශේ අභියාචනය සම්බන්ධයෙන් පෞද්ගලිකව හෝ නියෝජිතයෙකු මගින් කරුණු නියෝජනය කිරීමේ අවස්ථාවක් ඉල්ලුම්කරුට තිබිය යුතුය.

    24.අභියාචනයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ තීරණය අවසණාත්මක හා තීරණාත්මක විය යුතුය.

    උපදේශක කමිටුව.

    • උපදේශක සේවා සැපයීම පිණිස අමාත්‍යවරයා විසින් සාමාජිකයන් නව දෙනෙකුට නොවැඩි උපදේශක කමිටුවත් පත්කල යුතුය.

    උපදේශන කමිටු සංයුතිය

  • විධායක අධ්‍යක්ෂවරයා. (නිල බලයෙන්)
  • සාමාන්‍යාධිකාරීවරයා.(නිල බලයෙන්)
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හෝ ඔහු නම්කරනු ලබන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක්.
  • පරිගණක ඉංජීනේරුවරයෙක්.
  • රූපලාවනය ශිල්පියෙක්.
  • යාන්ත්‍රික ඉංජීනේරුවරයෙක්.
  • වෛද්‍යවරයෙක්.
  • නීතිඥයෙක්..
  • ගණකාධිකාරීවරයෙක්.
    මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතන සඳහා..

    ❖ විශේෂ පුහුණුවීම් .
    ❖ ආයතන වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් ලබා දීම.
    ❖ ආයතන වර්ගීකරණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම.

      1. ඉඩකඩ පහසුකම්
      2. ආලෝකය හා වාතාශ්‍රය
      3. ජල පහසුකම්
      4. සනීපාරක්ෂක පහසුකම්
      5. සුභසාධන පහසුකම්
      6. න්‍යායාත්මක හා ප්‍රායෝගික ඉගැන්නිම සඳහා අවශ්‍ය උපකරණ පහසුකම්
      7. මානව සම්පත් සංවර්ධනයට හා කළමනාකරණයට අදාළව ආයතනය ලබා ඇති ඇගයීම් හා ජයග්‍රහණ
      8. සමාජ සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වය.
      • ඉහත සදහන්හ කරුණු පදනම් කැරගෙන ආයතනයක් පහත දැක්වෙන කාණ්ඩ හතරෙන් එකකට ඇතුලත් කරනු ලැබිය යුතුය.

    1. ඒ – ඉතා හොදයි .
    2. බී – හොදයි .
    3. සී – සාමාන්‍යයි .
    4. ඩී – දුර්වලයි.

  • ආයතනය අධීක්ෂණය කිරීම

      ➢ ආයතනය ක්‍රියාත්මක කරන කාල සීමාව තුල සභාපතිවරයාට හෝ සභාපතිවරයා විසින් බලය පවරන නිලධාරියෙකුට හැකි බව.
      ➢ අවශ්‍ය කරන තොරතුරු ලබා දීම ආයතනයෙ වගකීම බව.

    නිර්නායකයන්

    01.ඉඩකඩ පහසුකම්

    1.පන්හති කාමර ඉඩකඩ -ගොඩනැගිලි විස්තර (ශාලා ගණන, පන්ති කාමර ගණන, වර්ගඵලය)
    2.ශිෂ්‍ය සංඛ්‍යාව
    3.විශේෂ ඉඩකඩ (පරිගණක පුහුණුව,නැටුම් හා නාට්‍ය කලාව ආදී කටයුතු)

    02.වැසිකළි/කැසිකිළි පහසුකම්-(ගැහැණු/පිරිමි වෙන්වෙන් වශයෙන් ප්‍රමාණය)

    03.ආයලෝකය/වාතාශ්‍රය (ස්වභාවික/කෘතිම වශයෙන් විස්තර කරන්න.)

    04.ජල පහසුකම්
    1.පානීය ජල පහසුකම්-නල ජලය / ලිිං ජලය
    2.වැසිකිළි/කැසිකිළි සඳහා ජල පහසුකම් – නල ජලය / ළිිං ජලය

    05.උපකරණ පහසුකම්
    1.වාඩිවීම හා ලිවිම (ඩෙස් / බැංකු /පුටු)
    2.කුමන මාදිලියද යන්න, ප්‍රමාණාත්මතාවන් දක්වන්න – දැව ,ප්ලාස්ටික් ,යකඩ
    3.ඉගැන්වීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ
    4.ඉගෙන ගැනීම සඳහා භාවිත උපකරණ

    06.සුභ සාධන පහසුකම්
    1.විවේකාගාර පහසුකම්(ගැහැණු/ පිරිමි වෙන් වෙන් වශයෙන් දක්වන්න.)
    2.ප්‍රථමාධාර පහසුකම්
    3.පුස්තකාල පහසුකම්
    4.ශිෂ්‍යත්ව පහසුකම්
    5.උපදේශන සේවාවන්
    6.ශිෂ්‍යත්ව ප්‍රධානයන්
    7.ආහාරපාන ලබා ගැනීමේ පහසුකම්

    07.ආයතන ලබා යගන ඇති ඇගයීම් හා ජයග්‍රහණ
    1.ශිෂ්‍යයින්ට
    2.ආයතනයට

    08.සමාජ සංවර්ධනය සඳහා ලබායදන දායකත්වය
    1.පැමිණීශමේ ලේඛණ පවත්වාශගන යාම
    2.ජාතික ගීය වාදනය කිරීම/ ගායනා කිරීම
    3.ආකල්ප සංවර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

    09.ශිෂ්‍යයා ඇගයීමේ ක්‍රමවේද (ප්‍රශ්න පත්‍ර සකසේ කිරීම/ඇගයීම පිළිබඳ විශේෂිත ක්‍රියාමාර්ග ගෙන තිබේද යන වග විස්තර කරන්න)
    1.න්‍යායාත්මක ඇගයීම
    2.ප්‍රායෝගික ඇගයිම

    10.ගුරුවරුන්ගේ /උපදේශකවරුන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික සුදුසුකම්
    1..පාඨමාලාව(විස්තර කරන්න)
    2.විෂය/ විෂයන් (විස්තර කරන්න)

    ❖ අති විශේෂ ගැසට් නිවේදන අංක 1780/4 අනුව

    වැරදි

    ➢ නිවේදනයේ දන්වා ඇති ආයතන ලියාපදිංචි නොවීම..

    ➢ බලපත්‍ර ලබා නොගැනීම.

    ➢ අවශ්‍ය තොරතුරු ලබා නොදීම හා බාධා කිරීම.

    ➢ සභාපතිවරයා විසින් ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකිරීම.

    දඩුවම්

    ➢ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි බව

    ➢ වරදකරු වූ විට රුපියල් පනස්දහසක් දක්වා වූ දඩයක් හෝ අවුරුද්දක් දක්වා සිර දඩුවමක් හෝ දෙයාකාරයෙන් එක් ආකාරයක දණ්ඩනයකට හෝ එකී දණ්ඩනයන් දෙකටම හෝ යටත් කරනු ලැබිය හැක.

    ඉරිදා දිනයන්හි උපකාරක පන්ති තහනම් කිරිම

        ➢ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ප්‍රඥප්තතිය 18-2 වගන්හතිය යටතේ ….
      ➢ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරිම (1905/06)-2015.03.09) යටතේ කිසිම තැනැත්තෙකු ඉරිදා දිනයෙහි පෙ ව 6.00 සිට ප.ව.1.30 දක්වා කාලය තුල 1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා (අ.ශපා.ස. සාමානය පෙළ දක්වා ) වන පාසල් සිසුන් සදහා උපකාරක පන්ති පැවැත්වීම නොකළ යුතුය.

    නියෝග

      • ➢ කාලය – ඉරිදා පෙ.ව 6.00 සිට ප.ව 1.30 දක්වා
        ➢ ඉලක්කගත කණ්ඩායම
      1 ශ්‍රේණිය
      2 ශ්‍රේණිය
      3 ශ්‍රේණිය
      4 ශ්‍රේණිය
      5 ශ්‍රේණිය
      6 ශ්‍රේණිය
      7 ශ්‍රේණිය
      8 ශ්‍රේණිය
      9 ශ්‍රේණිය
      10 ශ්‍රේණිය
      11 ශ්‍රේණිය

      ක්‍රියාත්මක කරනු ලබන ආයතනය.

      මානව සම්පත් සංවර්ධන අධිකාරිය.

      • අති විශේෂ ගැසට් නිවේදනය අංක 1905/06 අනුව,

      වැරදි
      ➢ ඉරුදීන පන්ති පැවැත්විම – පළමු ශ්‍රේණිය සිට අ.පො.ස.(සාමානය පෙළ) දක්වා
      ➢ අවශ්‍ය තොරතුරු ලබා නොදීම හා බාධා කිරිම.
      ➢ සභාපතිවරයා විසින් නිකුත් කරනු ලබන නියෝග ක්‍රියාත්මක නොකිරීම .

      දඬුවම්
      ➢ මහේස්ත්‍රාත් අධිකරණශේ නඩු පැවරිය හැකි බව.
      ➢ වරදකරු වු විට රුපියල් පනස්දහසක් දක්වා වු දඩයක් හෝ අවුරුද්දක් දක්වා සිර දඩුවමක් හෝ දෙයාකාරයෙන් එක් ආකාරයක දණ්ඩනයකට හෝ එකි දණ්ඩනයකට දෙකටම හෝ යටත් කරනු ලැබිය හැක.