- අධිකාරියේ අරමුණු සියල්ලම හෝ ඉන් කොටසක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි ක්‍රියා කිරීමට හා සියඵ පියවර ගැනීමට අධිකාරියට බලය තිබිය යුතුය.
- පළමුවන උප වගන්තියේ පැවරී ඇති බලතල වලට අගතියක් නොවන පරිද්දෙන් පහත දැක්වෙන කටයුතු කිරීමට අධිකාරියට බලය තිබිය යුතුය.
- මානව සම්පත් සංවර්ධන කාර්යය උදෙසා පළාත තුළ සියඵ ආකාරයේ පුහුණු හා කළමනාකරණ ආයතන, නියෝජ්‍යායතන ආදිය පිහිටුවීම හා කළමනාකරණය කිරීම
- පුහුණු වැඩසටහන්, ව්‍යාපෘති සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුඵ ආදිය පළාත කුළ සංවිධානය කිරීම හා මෙහෙයවීම.
- වයඹ පළාත තුළ දැනට පිහිටුවා ඇති හා අනාගතයේ දී පිහිටුවනු ලබන මානව සම්පත් සංවර්ධන කාර්යයේ නිරතවන සියඵම ආයතන ලියාපදිංචි කර පළාතේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඒවායේ කටයුතු පාලනය කිරීම. පාඨමාලා සංවර්ධනය සඳහා උපදෙස් දීම හා මුල්‍යමය හෝ වෙන් ආකාරයකින් ආධාර කිරීම.
- වෙනත් ලිඛිත නීතියක සඳහන් වගන්තීන්ට යටත්ව අධිකාරියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය යම් චංචල හෝ නිශ්චල දේපලක් අත්පත් කර ගැනීම, මිළට ගැනීම, තබා ගැනීම, බද්දට, උකසට හෝ කුලියට ගැනීම හෝ දීම, ඇපයට තැබීම, උගස් කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකිත් බැහැර කිරීම.
- අධිකාරියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර, උපකරණ, අමුද්‍රව්‍ය හෝ වෙනත් දේ දේශීය වශයෙන් මිළට ගැනීම හෝ ආනයනය කිරීම.
- අධිකාරියේ කාර්යයන් සඳහා විවිධ පුද්ගලයින්ගේ සංවිධානවල හා ආයතනයන් හෝ සේවාවන් හා භාණ්ඩ ලබාගැනීම හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු හෝ කුළී ගෙවීම.
- අධිකාරියේ අරමුණුවලින් ඕනෑම එකක් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන සියඵම වියදම් සඳහා ගෙවීම් කිරීම.
- අධිකාරිය විසින් පළාත තුල මානව සම්පත් සංවර්ධනය සඳහා ඉටුකරන සේවා හෝ සපයන පහසුකම් හෝ උපකරණ වෙනුවෙන් සේවා ගාස්තු, පහසුකම් ගාස්තු හෝ පාඨමාලා ගාස්තු, විභාග ගාස්තු හෝ වෙනත් අයකිරීම් නියමකර ඒවා අයකර ගැනීම.
- අධිකාරියේ අරමුණු, කාර්යයන් හා සේවාවන් සපුරා ගැනීම සඳහා විවිධ දේශීය, විදේශීය හා අන්තර්ජාතික ආයතන මගින් සපයනු ලබන මුල්‍ය ආධාර, ද්‍රව්‍යමය ආධාර, උපදේශක සේවා හෝ වෙනත් කිසියම් ආකාරයක ආධාර පිළිගැනීම.
- අධිකාරියේ කාර්යයන් මනාව පවත්වාගෙන යාම හා මෙහෙයවීම සඳහා අවශ්‍ය යැයි සැලකෙන අංශ හා දෙපාර්තමේන්තු ඇතුඵ සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීම හා අධිකාරිය සඳහා සේවකයින්. නිලධාරීන්, නියෝජිතයින් පත් කිරීම, පාරිශ්‍රමික ගෙවීම, කාර්යය නියමයන් තීරණය කිරීම, සේවක මණ්ඩල පුහුණු කිරීම, කාර්යය සාධන ඇගයීම් උසස් කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරීම, සුභ සාධන කටයුතු හා අනෙකුත් පිරිස් කළමනාකරණ කටයුතු ඉටුකරීම හා එයට අදාළ රීති පැනවීම.
- අධිකාරිය මගින් සංවිධාන කරනු ලබන පාඨමාලා පුහුණු වැඩසටහන්, සමිමන්ත්‍රණ, සම්මේලන හා වැඩමුඵ ආදියට සහභාගී වන්නන් සඳහා ඇගයීමේ පරික්ෂණ පැවැත්වීම හා ඔවුන් වෙත සුදුසු සහතික නිකුත් කිරීම.