සභාපතිතුමාගේ පණිවිඩය

සභාපතිතුමාගේ පණිවිඩය

2020 වර්ෂයේ ජුලි මස 06 වන දින වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරීයේ සභාපතිධුරයට මා පත් වූ පසු නිල වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් ලබා දෙන්නේ හදපිරි සතුටිනි.

නවීන තාක්ෂණයත් සමඟ මුසුවෙමින් විශ්ව ගමිමානයේ අභිමානවත් ආයතනයක් ලෙස නැගී සිටිමින් තිරසාර සංවර්ධනයක් කරා යෑමටත්, ආයතනය මගින් සපයනු ලබන සේවාවන් හා තොරතුරු කඩිනම්ව ජනතාව වෙත ලබාදීමත් පෙරදැරිව ආරම්භ කරන ලද මෙම වෙඩ් අඩවිය හරහා ඉදිරියේදී සුවිශේෂි අරමුණු රැසක් ඉටුකර ගැනිම අපගේ අරමුණයි.

වයඹ පළාතේ පවතින භෞතික හා මානව සම්පත් සංවර්ධනය උදෙසා ඵලදායි ප්‍රතිපත්ති හා නව්‍යකරන උපාය මාර්ග හඳුනා ගනිමින් සංවර්ධන වැඩසටහන් සකස් කීරීම හා ප්‍රවර්ධනය , ස්ථාවර හා දිරීඝකාලින සංවර්ධනයක් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම හා ඇගයීම තුළින් පරිපූර්ණත්වයෙන් විශිෂ්ඨත්වයට පත් මානව සම්පතක් බිහිකරලීම අපගේ අරමුණයි.

බහු ආගමික හා බහු ජන වර්ග වලට අයත් ජනතාව සාමකාමීව ජීවත් වන වයඹ පළාත තිරසර සංවර්ධනයෙන් යුතු ප්‍රසන්න පුරවරයක් කීරීමේ අරමුණ ශාත් ශාත් කර ගැනීමට මගේ උපරිම ශක්තිය , කැපවීම හා කාර්ය මණ්ඩලය ඒ සඳහා මෙහෙයවීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය නායකත්වය සැපයීමට නිරතුරුවම බලාපොරොත්තු වෙමි.

ගත වු කාලය තුල රජය විසින් ක්‍රියාත්මක කල ගෘහආර්ථිකය නගාලීම සඳහා වු දීපව්‍යාප්ත වැඩසටහන් සඳහා මෙන්ම ජාතික මට්ටමින් පවත්වන ලද විවිධ වූ ක්‍රියාකාරකම් සඳහා ආයතනික අනුග්‍රාහකත්වය නොපැකිලිව අවශ්‍යතාවයත් අනුව ලබාදීමට අපට හැකිවිය. මෙම ජනතා සේවය ඉතා ඉහළ මට්ටමින් අඛණ්ඩව සිදුකරමින් ආයතනයේ ඉලක්කද සපුරා ගැනීමට හැකී වු බව සඳහන් කරනුයේ ඉමහත් සතුටිනි.

අප අධිකාරියේ පරමාර්ථය වන ව්‍යවස්ථාපිතව පැවරී ඇති සියලුම වගකීම් නීතියානුකූලව හා වඩා ඵලදායි ලෙස ඉටුකිරිම උදෙසා ඔබගෙන් ලැබෙන අදහස් හා යෝජනා වයඹ පුරවරයේ මානව  සම්පත නංවාලීමට මහඟු පිටුවහලක් වන බැවින් නිබඳවම ඔබගේ අදහස්, යෝජනා අපේක්ෂා කරමි.

තවද අධීකාරිය මගින් ඉටුකරනු ලබන සේවාවන්ගේ ගැටළුකාරී තත්ත්වයක් ඔබ වෙත ඇති වු ඕනෑම අවස්ථාවකදි සෘජුවම ඒ පිළිබඳව ඔබට මා සමඟ සාකච්ජා කිරිමේ හැකීයාව පවතින බවද හෘදයාංගමව දන්වා සිටිමි.

ඉදිරි කටයුතු වලදී ඔබ සැමගේ සහය, සේවය හා ආශිර්වාදය නිරතුරුවම අපේක්ෂා කරමි.

වයඹ පුරවරයේ ජිවිකාව ගෙන යන ඔබගේ සුඛ විහරණය නංවාලිම මාගේ ඒකායන බලාපොරොත්තුවයි……….

ඒ. ඒ. නිමල් කරුණාතිලක,
සභාපති,
වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරීය.