සාමාන්‍යාධිකාරි තුමාගේ පණිවිඩය..
පළාත් සභා ක්‍රමය ආරම්භ කල මුල් අවධියේ,ජනතාවගේ ජන ජීවිතය නංවාලිම සදහා “වයඹ ස්වයං රැකියා පදනම” 1990 වසරේ සථාපිත කරන ලද අතර එමගින් ස්වයං රැකියා ජනනය සදහා චක්‍රිය ණය වැඩසටහන් ආරම්භ කර ඇත.
“ස්වයං රැකියා පදනම” ප්‍රඥප්තිය තව දුරටත් සංවර්ධනය කර පුළුල් සේවාවක් සැපයීම පිණිස 1994 වර්ෂයේ වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරන ලදී.
පළාතේ ක්‍රියාත්මක කාන්තා ස්වශක්ති, සත්කාර්ය, වෙනත් කාන්තා සංවිධාන,ගොවි සංවිධාන සහ තෝරාගත් සංවිධාන 750 ක සමාජික සාමාජිකාවන්,වෘත්තිය පුහුණුව ලැබු නොලැබු තරුණ තරුණියන්,පෙදරේරු,වඩු කාර්මික ආදී වෘත්තිකයින්,පාසැල් හැර ගිය දු දරුවන්,ආදිය සමග එක්කාසු වෙමින් වයඹ පළාතේ ආර්ථික හා සමාජිය සංවර්ධනය සදහා සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නෙමු.
නව ස්වයං රැකියා අවස්ථා නිර් මානය කිරිම මෙන්ම පවතින ස්වයං රුකියා විධිමත් කිරිම සදහා ද විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මේ සදහා අවශ්‍ය පුහුණුව,යෝග්‍ය තාක්ෂණය,උපකරණ සහ ණය පහසුකම් සැපයිම මගින් වාර් ෂිකව පවුල් ඒකක 1500 ක ජීවන තත්වයන් කරනු ලබයි.
වයඹ පළාත පුරා විසීරී සිටින උපාධිධාරීන් විවිධ වෘත්තිකයින් පාසල් හැරගිය දුවාදරුවන් සහ කාර් මාන්තගත ව්‍යවසායකයින්ගේ තොරතුරු ප්‍රභවයක් නිර් මාණය කිරීම තුලින් සියලුම පාර් ෂවයන්ගේ සංවර්ධනය සදහා ගුණාත්මක හා ප්‍රමාණාත්මක මගපෙන්විමක් මෙමගින් සැපයිමට හැකි වනු ඇත..
මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතන ලියාපදිංචිය හා නියාමනය,පරමාර්ථ ගත පවුල් නිර්මාණය කිරිම සහ මනෝ විද්‍යා උපදේශණය තුලින් පළාතේ සාමාජිය සංවර්ධනය සදහා ද දායක වේ.
ආත්ම විශ්වාසයෙන් හෙබි ජනතාවට ජීවන තත්වයන් උසස් කර ගැනිම සදහා අවශ්‍ය දැනුම තොරතුරු ලබා ගැනිමට මෙම වෙබ් අඩවිය මහත් පිටුවහලක් වනු ඇත.
වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය මෙම නව වෙබ් අඩවිය හරහා දේශියව මෙන්ම විදේශීයවද ප්‍රචලිත වනු ඇත.
උදාර ගමන් මග විකසිත කරන්නට දිරිය දුන් ගරුතර පුජ්‍ය පක්ෂයද ,දේශපාලන නායකත්වයන්,ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් , සක්‍රිය උගතුන් හා බුද්ධිමතුන්ද මහත් වු ගෞරවයෙන් සිහිකරන්නෙමු..
බී එම් එල් සී බාලසූරිය,
සාමාන්‍යාධිකාරී,
මානව සම්පත් සංවර්ධන අධිකාරිය