පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමක මනෝ විද්‍යාත්මක අධ්‍යාපනික වෘත්තිය සාමාජිය හෝ පවුල් ජීවිතය පිළිබඳව ඕනෑම ගැටළුවක දී එම පුද්ගලයාට හෝ එම කණ්ඩායමට අදාල ගැටළුව නිසියාකාරව අවබෝධ කරගෙන ඊට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ වර්ධනයකර ගැනීම පිණිස අවශ්‍ය මග පෙන්වීම, මනෝ ප්‍රථිකාර ලබාදීම හා ආධාරක සේවා සැපයීම මෙහි අරමුණ වේ .
- මානසික සුවය පතන අය සඳහා තෙදිනක මනෝවිද්‍යාත්මක පුහුණු පාඨමාලාව
- උපස්ථායක සේවා පාඨමාලාව.
- මනෝවිද්‍යාත්මක උපදේශන, පෞරුෂ සංවර්ධන ආකල්ප හා ධාරිතා සංවර්ධන, ආදී දැනුවත් කිරීමේ වැඩමුළු සඳහා සම්පත් දායකත්වය ලබාදීම.
- සමාජ අලෙවිකරණය හා කුසලතා සංවර්ධනය පිළිබඳ පාඨමාලාව.
- වෘත්තීය මාර්ගෝපදේශන පාඨමාලාව.
- පෙර පාසැල් ගුරුවරු හා දෙමාපියන් සඳහා ළමා මනෝවිද්‍යාත්මක වැඩසටහන.
- ග්‍රාහක සත්කාර සේවා පාඨමාලාව.
- ආතතිය, බරපතල විත්තවේග කළමනාකරණය සහ ජීවිත කළමනාකරණය කිරීමේ වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබාදීම.
- මනෝවිද්‍යාත්මක උපදේශනය, ආශ්‍රිතව දත්ත රැස්කිරීම, විශ්ලේෂණය කිරීම හා පර්යේෂණ සිදුකිරීම.
- මනෝසාමාජීය හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබාදීම.