වයඹ පළාතේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා සංවර්ධන අංශය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර එහි ප්‍රමුඛතම වැඩසටහන ලෙස ස්වයං ජීවනෝපාය සංවර් ධන වැඩසටහන (වක්‍රීය ණය වැඩසටහන) හදුන්වාදිය හැකිය.
මෙමගින් ජනතාවගේ ස්වයං ජීවනෝපායන් හදුනාගැනීම, ස්වයං ජීවනෝපාය සංවර් ධනය සඳහා අවශ්‍ය යෝග්‍ය පුහුණුව හා තාක්ෂණය ලබාදීම, සරල යන්ත්‍ර සුත්‍ර හදුන්වාදීම, අවශ්‍යතාවය පරිදි මුල්‍ය පහසුකම් ලබාදීම සිදු කරයි. මීට අමතරව මෙන්ම මානව ගුණාංග සංවර් ධනය කිරීම මගින් පරමාර් ථ ගත පවුල් ඒකකයන් නිර් මාණය කිරීම සිදු කරනු ලබයි.
වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 46 ක ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා රු.10,057,500.00 ක මුදලින් ස්වයං රැකියා පදනම ආරම්භ විය. වයඹ පළාතේ ජීවත් වන දුප්පත් ග්‍රාමීය ජනතාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ස්ථාපිත කරනු ලැබු වයඹ ස්වයං රැකියා පදනම මගින් විධිමත් මුල්‍ය ආයතනවලින් මුල්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි ග්‍රාමීය ජනතාව සඳහා මුල්‍ය පහසුකම් ලබාදීම ආරම්භ කරන ලදී.
මෙම ණය යෝජනා ක්‍රමය පළාත පුරා ව්‍යාප්තව පවතින සමුපකාර සංවිධාන සහ වෙනත් නීත්‍යානුකූල සංවීධාන තුළින් ක්‍රියාත්මක වන අතර පෞද්ගලික ව්‍යවසායකයින් සඳහා වු තනි පුද්ගල ණය යෝජනා ක්‍රමයන් මේ යටතේ ක්‍රියාත්මය.
- සත්කාර්ය සමුපකාර සංවිධානවල සාමාජික / සාමාජිකාවන්
- ගොවි සංවිධානවල සාමාජික / සාමාජිකාවන්
- වෙනත් නිත්‍යානුකූල සංවිධානවල සාමාජික / සාමාජිකාවන්
- පෞද්ගලික ව්‍යවසායකයින්
- නව ස්වයං රැකියා අවස්ථා හදුන්වාදීම.
- පවත්නා ස්වයං රැකියා විධිමත් කිරීම.
- යෝග්‍ය පුහුණුව හා තාක්ෂණය ලබාදීම.
- සරල යන්ත්‍ර සුත්‍ර හදුන්වාදීම.
- ස්වයං ජීවනෝපාය සංවර්ධන සඳහා මුල්‍යාධාර ලබාදීම.
- පරමාර්ථ ගත පවුල් ඒකක බිහි කිරීම.
අනු අංකය | දිස්ත්‍රික්කය | සමිති සංඛ්‍යාව | සාමාජික සංඛ්‍යාව | ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
1 2 |
කුරුණෑගල පුත්තලම |
384 145 |
17280 6525 |
69120 26100 |
කුරුණෑගල දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | සංවිධාන ගණන | |
1 | කුරුණෑගල | 8 |
2 | වීරඹුගෙදර | 13 |
3 | නාරම්මල | 2 |
4 | කුලියාපිටිය නැගෙනහිර | 14 |
5 | කුලියාපිටිය බටහිර | 35 |
6 | පන්නල | 20 |
7 | උඩුබද්දාව | 18 |
8 | බිංගිරිය | 25 |
9 | පඩුවස්නුවර නැගෙනහිර | 8 |
10 | පඩුවස්නුවර බටහිර | 23 |
11 | බමුණාකොටුව | 9 |
12 | වාරියපොල | 21 |
13 | මාස්පොත | 6 |
14 | කොබෙයිගනේ | 17 |
15 | නිකවැරටිය | 15 |
16 | කොටවෙහෙර | 10 |
17 | රස්නායකපුර | 12 |
18 | මහව | 11 |
19 | ගල්ගමුව | 19 |
20 | ගිරිබාව | 4 |
21 | පොල්පිතිගම | 28 |
22 | අඹන්පොල | 5 |
23 | ඇහැටුවැව | 10 |
24 | ඉබ්බාගමුව | 5 |
25 | මාවතගම | 10 |
26 | මල්ලවපිටිය | 4 |
27 | පොල්ගහවෙල | 15 |
28 | රිදීගම | 5 |
29 | අලව්ව | 5 |
30 | ගනේවත්ත | 0 |
(සංවර්ධන අංශය 2020)
පුත්තලම දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | සංවිධාන ගණන | |
1 | වෙන්නප්පුව | 0 |
2 | දංකොටුව | 21 |
3 | මහවැව | 14 |
4 | හලාවත | 14 |
5 | ආරච්චිකට්ටුව | 12 |
6 |
පල්ලම
|
10 |
7 | මහකුඹුක්කඩවල | 8 |
8 | මුන්දලම | 12 |
9 | පුත්තලම | 7 |
10 | කල්පිටිය | 7 |
11 | වනාතවිල්ලුව | 0 |
12 | නවගත්තේගම | 3 |
13 | කරුවලගස්වැව | 4 |
14 | ආණමඩුව | 4 |
15 | මාදම්පෙ | 12 |
16 | නාත්තන්ඩිය | 0 |
( සංවර්ධන අංශය 2020)
අරමුණු ළගාකර ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති
ග්‍රාමීය කර් මාන්ත වැඩසටහන (පියවර)
වයඹ පළතේ සාම්ප්‍රදායික ග්‍රාමීය කර් මාන්ත නගා සිටුවීම සහ හදුන්වාදීම සඳහා ක්‍රියාත්මක කරනු ලබයි.
- මැටි, කම්මල්, රන්, රිදී හා ලෝහ ආශ්‍රීත කර් මාන්ත
- කජු, කොස්, කුඵබඩු ආශ්‍රීත කර් මාන්ත
- ගඩොල්, බ්ලොක් ගල්, වඩු, පෑස්සුම් හා වෙනත් කර් මාන්ත
කාන්තා අභිවෘද්ධි වැඩසටහන (දැක්ම)
තරගකාරි විවෘත ආර්ථිකය තුළ ග්‍රාමීය කාන්තාව ස්වයං ජීවනෝපායන් වෙතට යොමු කරවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතියකි.
- වයඹ පළාතේ කාන්තා සමිති සම්බන්ධීකරණය
- නව ස්වයං රැකියා අවස්ථා හදුන්වාදීම
- සවයං ජීනෝපායන් සඳහා අවශ්‍ය කරනු ලබන පුහුණුව, යෝග්‍ය තාක්ෂණය, උපකරණ හා මුල්‍ය පහසුකම් ලබාදීම.
පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය (උදාන)
“උදාන” පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති මගින් පළාතේ සත්ව පාලනය ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබල සපයයි.
- සතුන් මිළදී ගැනීම හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් ලබාදිම.
- කිරි, මස් සහ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන කර් මාන්ත දිරිගැන්වීම.
කොහු ආශ්‍රිත කර් මාන්ත නගා සිටුවීමේ වැඩසටහන (කප්රුක)
- වයඹ පළාතේ කොහු ආශ්‍රිත කර්මාන්තකරුවන් හදුනාගනිමින් ඔවුන් සම්බන්ධීකරණය කිරීම.
- කර් මාන්ත සඳහා අවශ්‍ය කරනු ලබන යෝග්‍ය තාක්ෂණය හදුන්වාදීම තුළින් හිතකර වැඩ කිරීමේ පරිසරයක් ගොඩනැගීම.
- මුල්‍යාධාර පහසුකම් ලබාදීම.
දේශීය ඖෂධ වගා කිරීම හා මිලදී ගැනීමේ වැඩසටහන (ගවේශණී)
- වගා කටයුතු සහ පසු අස්වන තාක්ෂණය පිළිබඳ පුහුණුව ලබාදීම.
- බීජ හා රෝපන ද්‍රව්‍ය ලබාදීම
- දේශීය ඖෂධ මත පදනම් වු කර් මාන්ත දිරිගැන්වීම.
වෘත්තීය අධ්‍යාපනය සඳහා තරුණ තරුණියන් යොමු කරවීම සහ වෘත්තීය අධ්‍යාපනය ලැබු තරුණ තරුණියන් වෘත්තීමය ස්වංය ජීවනෝපායන් වෙතට යොමු කරවීමේ වැඩසටහන (අපේක්ෂා)
- වයඹ පළාතේ වෘත්තීය පුහුණු ආයතන සහ අධ්‍යාපන කලාප හදුනාගැනීම හා සම්බන්ධීකරණය.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරා ගනු ලැබු තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවීම් සඳහා යොමු කිරීම.
- වෘත්තීය පුහුණුව ලැබු අය අතුරින් අදාළ වෘත්තීන් ආරම්භ කිරීමට කැමති තරුණ තරුණියන් සඳහා ප්‍රාග්ධන උපකරණ හා යටිතල පහසුකම් සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශ යටතේ ලබාදීම.
- අදාළ වෘත්තීන් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය කරනු ලබන රාජ්‍ය, අර් ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදීම.
- නිරන්තර පෙර විපරම්, පසුවිපරම් ක්‍රියාවලිය තුළින් සාර් ථක ව්‍යවසායකයින් තෝරා ගැනීම හා ඇගයීම.
කෘෂි නිෂ්පාදන සඳහා යෝග්‍ය තාක්ෂණය හඳුන්වාදීමේ වැඩසටහන (පුනරුද)
- වී හා වෙනත් ධාන්‍ය ආශ්‍රිතව අගය වැඩිකළ භාණ්ඩ නිෂ්පාදන සඳහා සරල යන්ත්‍ර සුත්‍ර හඳුන්වාදීම.
- අදාල කාර් මාන්ත සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් ලබාදීම.
- තෝරාගත් ගොවි සංවිධාන සඳහා සාම්ප්‍රදායික වී වර්ග හඳුන්වාදීම.
- සාමාජික ඉල්ලීම් මත කොට්ඨාශ භාර ක්ෂේත්‍ර නිලධාරි විසින් ණය අයදුම්පත් සමිතිය වෙත ලබාදීම.
- සමිතිය විසින් සකස් කළ ණය ගොනුව ක්ෂේත්‍ර නිලධාරි වෙත භාරදීම.
- ව්‍යාපෘතිය පෙර විපරම් සිදු කර තම නිර්දේශ වාර්තාව කාර්යාලයට ඉදිරිපත් කිරීම.
- ගොනුව කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
- නිර්දේශිත ගොනුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.
- සමිතියේ නිලධාරින් හා අධිකාරිය අතර ගිවිසුම් වෙත එලඹීම.
- ඇප සුරැකුම් ලබා ගැනීම හා චෙක්පත නිකුත් කිරීම.
- ණය මුදල් ඉල්ලුම්කරු වෙත ලබාදීම. (එහිදී සමිතිය හා ණයකරුවන් අතරත් අධිකාරිය හා ණයකරුවන් අතර ගිවිසුම් ගතවීම)
- මසකින් / මාස හයකින් / වසරකින් ක්ෂේත්‍ර නිලධාරීන් විසින් පසු විපරම සිදු කිරීම.
සංවිධානවල සාමාජිකයින්ට ණය ලබාදීමේදී සලකා බලන නිර්ණායක
ඒ සඳහා සංවිධානවල ණයකරුවන් තෝරා ගැනීම
- සංවිධානයක ක්‍රියාකාරි සාමාජිකයෙක් වීම
- සාර්ථක ස්වයං ජීවනෝපාය මාර්ගයක නියැලීම
- සාර්ථක ජීවනෝපාය මාර්ගයක නියැලීමට සුදානම්ව සිටීම.
- නිත්‍යානුකුල සංවිධානයක නිත්‍යානුකුල සාමාජිකයෙකු වීම.
- මුල්‍ය ආයෝජන අරමුදල් අයදුම්පත නිකුත් කිරීම.
- ව්‍යාපෘතිලාභියා විසින් අදාල මුල්‍ය ආයෝජන අරමුදල් ගොනුව කාර්යාලයට බාරදීම
- ව්‍යාපෘතිලාභියා මානව සම්පත් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම.
- ක්ෂේත්‍ර නිලධාරි විසින් ක්ෂේත්‍ර පරික්ෂාව සිදු කිරීම හා ගොනුව කාර්යාලයට ඉදිරිපත් කිරීම.
- මුල්‍ය ආයෝජන අරමුදල් ගොනුව මුල්‍ය ආයෝජන කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
- අනුමත ගොනුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.
- ණයකරු හා අධිකාරිය අතර ගිවිසුමකට එළඹීම.
- ඇප සුරැකුම් ලබා ගැනීම හා මුල්‍ය ආයෝජන අරමුදල් නිදහස් කිරීම.
තනි පුද්ගල ව්‍යාපෘති ණය ලබාදීමේ නිර්ණායක
- වයඹ පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
- ආර්ථික උත්පාදන මාර්ගයක නියුතු පුද්ගලයෙක් වීම.
- වයස අවු. 18 ට වැඩි අවු. 53 ට අඩු පුද්ගලයෙකු වීම.
- සුළු පරිමාණ ව්‍යවසායකයෙකු ලෙස මානව සම්පත් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම.
සංවිධානවල සාමාජික සාමාජිකාවන් සහ පෞද්ලික ව්‍යවසායකයින් අපේක්ෂා කරනු ලබන පුහුණුවීම් සඳහා ඉල්ලුම් කළ හැක.
පුහුණු ලබාදෙන ක්ෂේත්‍ර
- විශේෂ මානව ගුනාංග සංවර්ධනය (නායකත්ව, පෞරුෂ සංවර්ධන)
- ගිනුම්කරණ පුහුණු
- පරමාර්ථගත පවුල් ඒකක ගොඩනැගීම සඳහා වු පුහුණු
- මනෝවිද්‍ය උපදේශණය
කර් මාන්ත
-
- රන්, රිදී, ලෝහ කර් මාන්තය ,කම් මල්නිෂ්පාදන කර් මාන්තය , වඩු කර් මාන්තය , ගඩොල් කර් මාන්තය , බික් හා ඇගලුම්, පෑස්සුම් කර් මාන්තය ,බ් ලොක් ගල් කර් මාන්තය , තප්ෂ කර් මාන්තය .
කෘෂි කර් මාන්ත
- බුලේ, ඉගුරු, තකතසල් වගාව. පැළ තවාන්, එළවලු හා පළුරු වගාව, ඇන්ුරියම් වගාව, ී වගාව, ධානය වගාව
සත්ත්ව පාලනය
- කුකුළු පාලනය, කිරි ගව පාලනය, ඌරන් පාලනය, එළු පාලනය, වටු කුරුලු පාලනය, විසිුරු මේසය වගාව
වෙනත්
- රූපලාවනයාගාර, සිල්ලර තවළදාම්, සුළු වයාපාර, ඇදුම් මැසීම, පාපිසි මැසීම, විසිුරු භාණ්ඩ, ජංගම තවළදාම